සේනාපතියේ විමළරතන ආර්‍යන් වහන්සේ

අපි කවුරුද

📱 WhatsApp සමූහයට සම්බන්ධ වන්න

දාන / ධර්ම දේශනා / දිනෙශ දිනපතා දැනුම්දීම් ලබා ගන්න

Join
සේනාපතියේ විමළරතන ආර්‍යන් වහන්සේ

සේනාපතියේ විමළරතන ආර්‍යන් වහන්සේ

සේනාපතියේ විමලරතන ආර්යයන් වහන්සේ කොටගම බුද්ධ භාවනා මධ්‍යස්ථානයේ, මල්වාන බුද්ධ භාවනා මධ්‍යස්ථානයේ සහ පස්යාල බුද්ධ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන නායක උපාධ්‍යායන් වහන්සේ ලෙස කටයුතු කරන අතර, උන් වහන්සේ ලුණුගල රජමහා විහාරය ඇතුළු විහාරස්ථාන පහක විහාරාධිපති හිමිනම ලෙස ද කටයුතු කරති. එසේම, උන් වහන්සේ විදේශ රටවල ධර්ම ප්‍රචාරක කටයුතුවල නියැළුණු, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල දෙකකින් උපාධි ලබාගත් මහත් උගත් හිමිනමකි. මේ සියල්ල අතහැර දමා, උන් වහන්සේ වනගතව කාලයක් වාසය කොට ඇති අතර, ශ්‍රී ලංකාවේ ඇති සියලුම භාවනා මධ්‍යස්ථානවල පාහේ භාවනා ක්‍රම පිළිබඳ ගවේෂණය කර ඇත. අවසානයේ වහරක අභයරතනාලංකාර හිමියන්ගෙන් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් අනතුරුව, නිර්මල ධර්මය ලොවට දේශනා කිරීම සඳහා තමන් වහන්සේටම ආවේණික වූ ක්‍රමවේදයක් තෝරාගෙන, සියලු සත්වයන් කෙරෙහි කරුණාවෙන් යුතුව දහම් දේශනා කරති.

කොටගම බුද්ධ භාවනා මධ්‍යස්ථානය

කොටගම බුද්ධ භාවනා මධ්‍යස්ථානය මසකට සත්දින බුද්ධ භාවනා වැඩසටහන් දෙකක් නොකඩවා වසර 10කට වැඩි කාලයක් පවත්වාගෙන එන ධර්මායතනයකි. බිබිල ප්‍රදේශයේ ඉතා මනරම් පරිසරයක පිහිටි මෙම ධර්මායතනය තුළ භික්ෂු ආරාමයක් සහ භික්ෂුණී ආරාමයක් පවත්වාගෙන යනු ලබයි. මේ වන විට මෙහෙණින් වහන්සේලා 30 නමක් පමණ සහ භික්ෂූන් වහන්සේලා 50 නමක් පමණ වැඩවාසය කරති. වරකට 1,500ක පමණ යෝගීන් පිරිසකට ධර්ම ශ්‍රවණය සඳහා මෙම ස්ථානයේ පහසුකම් සලසා ඇති අතර, එම පිරිසට නවාතැන් පහසුකම් මෙන්ම ආහාර පානද ලබා දෙනු ලබයි. මේ වෙනුවෙන් කිසිදු අයකිරීමක් සිදු නොකරන අතර, මෙම ධර්මායතනය පැරණි යෝගීන්ගේ ආධාර උපකාර මත පවත්වාගෙන යනු ලබයි.

දැක්ම (Vision)

පුබ්බේත කත පුඤ්ඤතෙවය සහිත පුද්ගලයන් හට ශ්‍රී සද්ධර්මය දේශනා කොට ඔවුන්ට යායුතු මග සහ නොයායුතු මග පහදා ඔවුන්ව නිවන් මගට යොමු කිරීම

මෙහෙයුම (Mission)

සත්පුරුෂ සංසේනයට අවස්ථාව සලසා දීම, ශ්‍රී සද්ධර්මය දේශනා කිරීම. නිවනට යොමු කිරීම.

නවාතැන් පහසුකම් (Accommodation)

මධ්‍යස්ථානය තුල යෝගීන් 1000 කට පමණ නවාතැන් පහසුකම් මේ වන විට පවතින අතර ඉදිරියේදී මෙම ප්‍රමාණ්‍ය වර්ධනය විය හැකිය.

🍪 මෙම යෙදුම වඩා හොඳින් ක්‍රියා කිරීමට කුකී භාවිතා කරයි.